ශ්‍රී ලංකාවේ පවතින අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ වෙබ් අඩවි වලින් සුළු කලක් තුල ප්‍රසිද්ධියට පත් වූ , SL Geek Youtube නාලිකාව හරහා ඔබ වෙතට එන SL Geek Store එකත් සමග එක් වී ඔබට දැන් මුදල් ඉපයීමට අවස්තාවක් පවතී . ඉතාමත් සරලයි .

 

වාසි 

  • ඔබ සතුව වෙබ් අඩවියක් , blog අඩවියක් , facebook group එකක් , විශේෂයෙන්ම Youtube channel එකක් තියනවනම් ඔබට මේ සඳහා පහසුවෙන්ම එක් වන්න පුළුවන් . එහෙමත් නැත්නම් ඔබ whatsapp , viber , facebook group වල ඉන්නවනම් , එසේත් නැත්නම් ඔබේ නිවසේ අවට සිටින මිතුරන් හරහා වුවද ඔබට මුදල් උපයන්න පුළුවන් .
  • SL Geek Store යනු 100% ම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කල ව්‍යාපාරයක් .
  • SL Geek යන ලියාපදිංචි කල ප්‍රසිද්ධ නාමයක් යටතේ ඔබට එකතු වී වැඩ කිරීමට ඔබට අවස්තාව පවතී .
  • ඔබගේ මුදල් අවශ්‍ය සිමාව පසු කල පසු ඕනෑම වෙලාවක ලබාගත හැක . වැඩ කරන පය 48 ක් තුල ඔබේ බැංකු ගිණුමට , paypal ගිණුමට , SL Geek Store භාණ්ඩ මිලදී ගැනීමට coupon වශයෙන් ලබාගත හැක . මෙහිදී ඔබ coupon වශයෙන් ලබාගන්නේ නම් ඔබට 10% මුදලක් වැඩි පුර ලැබෙනු ඇත ( Rs.30,000+ 3000 = Rs.33,000 Coupon)
  • පය 24 පුරා සහය
  • හොඳම උපයන්නන් හට මෙන්ම Video reviewers ලාට නිරන්තරයෙන් coupon හෝ භාණ්ඩ නොමිලේ ලබාගැනීමේ හැකියාව
ඔබ මේ එකතු වන්නේ SL Geek Store affiliate system එකත් එක්ක . මේක ගොඩක් සරලයි . මෙතැනදී වෙන්නේ ඔයාට SL Geek Store භාණ්ඩ ඔයාගේ යාලුවන්ට හඳුන්වා දීම වෙනුවෙන් commission එකක් ලැබෙනවා සරලවම . උදාහරණයක් විදියට හිතන්න ඔයා ඔයාගේ Link එකෙන් samsung galaxy s9 දුරකතනයක් කිසියම් කෙනෙක්ට විකුනනවා කියලා . දැන් මේ දුරකථනය ඔයාගේ යාලුවෙක් මිලදී ගත්තොත් ඔයාට commision එකක් ලැබෙනවා . ප්‍රතිශතයක් වශයෙන් . අපි ලාබයෙන් ප්‍රතිශතයක් නොව සම්පුර්ණ මුදලෙන් ප්‍රතිශතයක් ලබාදෙන නිසා ඔයාට සැලකියයුතු ගානක් හොයාගන්න පුළුවන් .
උදා – Samsung Galaxy S9 මිල රු.120,000 ලෙස ගනිමු . ඔබේ commission එක 5% නම් , 120,000 X 5% = Rs.6000 ඔබට රු.6000 ක මුදලක් ලැබෙනවා . (ආරම්බයේදී මෙම ලැබෙන ප්‍රතිශතය 3% පමණ වන අතර ඔබගේ විකුණුම් ප්‍රමාණය මත ඔබේ profile rank එක වැඩි වන අතර මෙහිදී ප්‍රතිශතය 4% දක්වා වැඩි වේ ). (රු.6000 ක මුදලක් ලැබීම හුදෙක් උදාහරණයක් වන අතර එක ගනුදෙනුවකින් ඔබට ලැබෙන උපරිම මුදල රු.2000 කි . එනම් S9 දුරකතනයක් රු.120,000 නම් මෙය විකිණීමෙන් 2000 ඉක්මවූ මුදලක් ලැබෙනු වුවද ඔබට ලැබෙනුයේ රු.2000 කි . නමුත් මිල ගණන් අඩු අයිතම සඳහා මෙහි බලපෑමක් නොමැත. ) මේ කිව්වේ එක දෙයක් විකුනලා . මෙච්චර ගොඩක් මිල අදික දෙයක් නෙමේ . ඔබට සුළු දෙයක් උනත් විකුනන්න පුළුවන් . ගාන ප්‍රශ්නයක් නෑ . ඔයා කරන සම්පුර්ණ sale එක මත ඔයාට ලැබෙන ගාන තීරණය වෙනවා .

විශේෂම දේ ,

ඔයා කාට හරි යවනවා කලින් කිව්ව S9 එකේ link එක , දැන් එයා ඒක බලනවා හැබැයි අරගන්නේ නැහැ . එයා close කරලා පස්සේ දවසක ආයේ google search කරලා හරි නැවතත් SL Geek Store එකට එනවා . දැන් එයා ගන්නවා රු.5000 වටිනා powerbank එකක් . ඔබට එහෙම වුනත් අර commission එක ලැබෙනවා . ඒ කියන්නේ 5000 ට ඔයාගේ commision rate එක 5% නම් ඒ ගාන කලින් විදියට ලැබෙනවා . එයා පස්සේ ගිහින් S9 එකම ගත්තත් ඒ ගාන ඔයාට ලැබෙනවා . (ඒ browser එකෙන්ම යන්න ඕනේ එයා නැවතත් වෙබ් අඩවියට එද්දී සහ මෙය වලංගු වන්නේ link එක click කල දින සිට දින 14 දක්වා පමණයි )
මුදල් කලින් කිව්ව විදියට bank account / paypal ගිණුමට ගන්න පුළුවන් . coupon ගන්නවානම් 10% වැඩිපුර හම්බවෙනවා . ඔයාට එකෙන් SL Geek Store  භාණ්ඩ අරගන්න පුළුවන් . (Coupon / paypal ගිණුමට ගන්න බලාපොරොත්තු වන්නේ නම් මේ ලිපියේ පහල “වැදගත්” කොටස කියවන්න )
මුලින්ම register වෙන අයට , වැඩියෙන්ම මහන්සි වෙලා වැඩියෙන්ම උපයන අයට නොමිලේ මුදල් ත්‍යාග මෙන්ම coupons හම්බවෙනවා . ඒ වගේම හොඳ youtube video reviews හදන අයට ඒ අයගේ මහන්සිය සහ views මත පදනම්ව සුවිශේෂී coupon රාශියක් දිනාගන්න හැකියාව තියනවා . Video හදන අය SL Geek Store ( //www.facebook.com/slgeekstore/ ) Facebook පිටුවට Video ලින්ක් එවන්න . වැඩිම උපයන්නන් Rank වෙන පරිදි සකසා ඇත . එසේ ඉහල ස්ථාන දිනාගන්න අය සඳහා විශේෂ ත්‍යාග / මුදල් ත්‍යාග ලැබෙනු ඇත .

 

Register –

Upload
මෙන්න මේ link එකට යන්න . //www.slgeek.store/affiliate-home/affiliate-register/
මෙහිදී සියලු විස්තර සාමාන්‍ය පරිදි ඇතුල් කරන්න . පසුව නැවත ඔබට Log විය හැක . අවශ්‍ය වුවහොත් මෙම පිටුව භාවිත කරන්න . //www.slgeek.store/affiliate-login-page/

මේ ඔබට පෙනෙන්නේ නිවැරදිව සාදා Log වූ පසු Affiliate ගිණුම පෙනෙන ආකාරයයි . දැන් මෙහි Overview කොටසේ . මෙහිදී ඔබට සාමාන්‍ය තොරතුරු බලාගැනීමට හැකියාව පවතී .

හැකි විගස Profile > Payment Settings කොටසට යන්න . මෙහිදී පහත පරිදි ඔබේ බැංකු විස්තර ඇතුල් කරන්න . දැනට ප්‍රධාන වශයෙන් බැංකු ගිණුමට පමණක් මුදල් ලබාදෙන බැවින් නිවැරදි ගිණුම් අංකය , බැංකුවේ නම සහ බැංකු ශාකාව අයත් නගරය නිවැරදිව සඳහන් කරන්න . (පහත පරිදි )

යම් හෙයකින් ඔබ Paypal හරහා හෝ Vouchers හරහා ඔබගේ මුදල් ලබාගැනීමට අවශ්‍යනම් ඉහල මෙනුවේ Bank transfer තිබියදී ම , පහල කොටුවේ බැංකු විස්තර වෙනුවට Coupon නම් Coupon සහ ඔබගේ email ලිපිනය නැවත සඳහන් කරන්න . Eg – Coupon slgeekstore@gmail.com . ඔබ coupon ගන්නේ නම් ඔබට 10% වැඩිපුර මුදලක් සාම Payout එකේම ලැබෙනු ඇත .

Paypal හරහා ලබන්නේ නම් Paypal යනුවෙන් සඳහන් කර ඔබේ Paypal email ලිපිනය සඳහන් කරන්න . (මෙහිදී ඔබට Paypal Charges ගෙවීමට සිදු වන අතර ඔබගේ ගිණුම මුදල් ලැබීමට හැකි ගිණුමක් වීම අනිවාර්යයි)

Marketing කොටසෙන් ඔබට ඔබේ Affiliate Link , Campaign වගේම Banners සකස් කල හැක . ඔබට Campaign කොටසෙන් ඔබට අනන්‍ය නමකින් Campaign සකස් කල හැක . මෙසේ කලොත් ඔබට Link එක සකස් කිරීමේදී ඔබේ එම campaign එක දිස්වන අතර එය යටතේ ඔබට Link සකස් කල හැක . (අනිවාර්ය නොවන අතර ඔබට එසේ කලොත් එය විස්ට්ය්හරත්මකව දත්ත කළමනාකරණය කරගැනීමට රුකුලක් වේ )

Marketing > Affiliate Links කොටසට ගිය පසු ඔබට වෙබ් අඩවියේ සාමාන්‍ය Link එක බලාගැනීමට හැකිවේ . මෙය භාවිත කිරීමට වුවද ඔබට පුළුවන් . මෙහිදී ඔබට QR Code එකකුත් ලැබෙන අතර මෙයය භාවිත කරන්නත් පුළුවන් .

මෙහි පහල Link Generator කොටසෙන් ඔබ කැමති ඕනෑම Product එකක් සඳහා ඔබටම අනන්‍ය වූ Affiliate Link සකස් කල හැක . උදා – ඔබට අවශ්‍ය වන්නේ powerbank එකක link එකක් නම් අප වෙබ් අඩවියෙන් එය තෝරා එයට අදාල link එක මෙහි යොදා generate කරන්න . දැන් එම link එකෙන් කිසිවකු පැමිණ එය මිලදී ගත්තත් , වෙන යමක් මිලදී ගත්තත් ඔබට මුදල් හිමිවනු ඇත  . එක වතාවක් link එකෙන් කෙනෙක් පැමිණියොත් ඔහු හෝ ඇය  දින 14 ක් දක්වා සිදු කරන සියලු මිලදී ගැනීම් සඳහා ඔබට මුදල් ලැබේ .

එසේම ඔබට Marketing > Banners හරහා ඔබගේ වෙබ් අඩවියට හෝ blog අඩවියට Ads සකස් කල හැක . එහිදී ඔබට ඔබගේ referal link එක සහිතව banners අවශ්‍ය විශාලත්වයෙන් සකසා ගත හැක . ඔබට මෙහිදී පෙර කී දින 14 ……… ඕනෑම අයිතමයක් වැනි කරුණු Link එකක් මෙන්ම අදාළ වේ .

වැදගත් 

ඉදිරියේදී (ඉතාමත් ඉක්මනින්) මෙසේ වෙබ් අඩවි වලට ඇතුල් කරන Banners වෙබ් අඩවි වලට පැමිණෙන පිරිස් දකින වාරයක් වාරයක් පාසා ඔබට මුදල් ලැබීමේ ක්‍රමයක් ලැබෙනු ඇත . එනම් එසේ සකසන banner එක ඔබේ වෙබ් අඩවියට ඇතුල් කලේ නම් එය visitors ල විසින් දකින ප්‍රමාණය අනුව ඔබට ඉදිරියේ දී මුදල් ලැබෙනු ඇත . (ඔවුන් click කිරීමට අත්‍යාවශ්‍ය නොවේ ) එසේම affiliate links click කරන ප්‍රමානයටද ඉරිදියේදී මුදල් ගෙවීමක් සිදු කරයි . මෙහිදී කිසියම් කෙනෙක් විසින් fake views / impressions සකස් කලොත් නැවත ගත නොහැකි අයුරින් ඔබේ ගිණුම තහනම් වීමකට ලක්වන බව සලකන්න .

මෙහි referals යන කොටසින් ඔබට ඔබේ ලින්ක් වලින් ගොස් සිදු කර ඇති සියලු මිලදී ගැනීම ගැන අවබෝධයක් ගැනීමට අවස්තාව ලබාදේ . මෙහි Verified යනුවෙන් සඳහන් කර ඇත්තේ මේ වන විට සම්පුර්ණ වී ඇති ගනුදෙනු . ගනුදෙනුවක් සම්පුර්ණ වූ පසු ස්වයන්ක්රියවම ඔබගේ affiliate ගිණුමට මුදල් ලැබෙන අතර මෙය verified ලෙස සඳහන් වේ . යම් හෙයකින් මෙහි unverified යන්න සති දෙකකට වඩා කාලයක් පවතී නම් එයට හේතුව පාරිභෝගිකයා විසින් එය ප්‍රතික්ෂේප කිරීම හෝ නැවත ඔහු විසින් එය හරවා එවීමයි .

මෙහි ඇති Payments කොටසෙන් ඔබට සිදු කර ඇති සියලු ගෙවීම් සඳහන් වේ . ගෙවීමක් සිදු වීම සඳහා ඔබගේ affiliate ගිණුමේ ශේෂය රු.500 ඉක්මවිය යුතුය . එසේම සෑම සතියකම සඳුදා දිනයේ ඔබ ලබාදී ඇති බැංකු ගිණුමට / Paypal ගිණුමට මුදල් ලැබෙනු ඇත . නැත්නම් ඔබ තේරුවේ coupon නම් 10% වැඩිපුර මුදලක් සමග coupon පත ඔබගේ email ලිපිනයට ලැබෙනු ඇත .

මෙසේ මුදල් ලැබෙනුයේ ඉරිදා රාත්‍රී 12 වන විට රු.500 ශේෂයක් ඉක්මවා තිබුනොත් පමණි  .  එසේම මෙසේ මුදල් ඔබට ලැබූ පසු ඔබගේ සම්පුර්ණ ආදායමේ (earnings කොටසේ ) මෙතෙක් ලැබුණු මුළු මුදලම පෙන්විය හැක . නමුත් ඔබගේ ශේෂය පමණක් ර.0 වනු ඇත . එතැන් පටන මීළඟ සතියේ සඳුදා දක්වා උපයන මුදල් ඔබට එම සඳුදා දින ලැබේ .

Overall කොටසේ ඔබට සම්පුර්ණ reports සහ විස්තර ලබාගත හැක .

Help යන කොටසෙන් මෙම ලිපිය සොයාගත හැක .

නීති , කොන්දේසි සහ ගැටළු 

  1. ගෙවීම් පිලිබඳ අවසාන තීරණය SL Geek Store සතුයි .
  2. ඔබට සඳුදා දිනයේදී ගෙවීම් සිදු කරන අතර යම් යම් කාරනා මත මෙය කලාතුරකින් තරමක් ප්‍රමාද වීමට වුවද හැක (99% ඔබට සඳුදා දිනය තුල ලැබේ)
  3. සියලුම ගණනය කිරීම් අපගේ system තුලින් සිදු වන අතර කිරීම මිනිසෙක් මේ සඳහා දායක නොවේ . එනිසා සියල්ල නිවැරදිව සිදුවන බව තහවුරු කල හැක .
  4. යම් හෙයකින් ඔබ ලබාදුන් link එකකින් වෙන කෙනෙක් භාණ්ඩයක් ලබාගෙන එයට ඔබට commission එක නොලැbi ඇත්නම් එයට හේතුව විය හැක්කේ ඔහු / ඇය වෙන browser එකකින් click කර වෙනත් browser එකකින් මිලදී ගැනීම , වෙන කෙනෙකු ගේ link එකක් නැවත click කර මිලදී ගැනීම , order එක ඔහු / ඇය ගේ කරුණින් cancel වීම වන්නකි . එසේත් නැත්නම් ඔබට ස්වයන්ක්රියවම order එක ඔහු / ඇය අතට පත්ව මුදල් ගනුදෙනුව සම්පුර්ණ වූ විගස ඔබේ affiliate ගිණුමට මුදල් ලැබේ .
  5. Fake activities සහ වැරදි ක්‍රියා කලාපයන් අපගේ systems තුලින් පහසුවෙන් අපට පෙන්වන අතර එහිදී අපට ඔබගේ ගිණුම සම්පුර්ණයෙන් අක්‍රිය කිරීමට අයිතියක් ඇත .
  6. ඔබට ඕනෑම අවස්තාවක ඇති වෙන ඕනෑම ගැටළුවක් සඳහා අපගේ hotline අංකය අමතා සහාය ලබාගත හැක . (නැත්නම්  chat එක හරහා හෝ facebook පිටුව හරහා පුළුවන් )